
දුලිප් - සම්මතේ නොසිට ඔවා දෙන පරහට
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරයේ 20-20 සහ එක්දින තරග සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට උප නායකයෙකු නම් කර නොමැත.තේරීම් කමිටුව විසින් නම් කර එවන ලද 20 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා කවුරුන් ද යන්න පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යයට නිකුත් කළ නිවේදනයේ සටහන් කර නොතිබිණි.පසුව මාධ්‍ය කිහිපයක් විමසීමෙන් අනතුරුව වෙනත් නිවේදනයකින් නායකයා ටීඑම් ඩිල්ෂාන් බව නම් කර එවා තිබිණි.
මෙම සංචිතයෙන් එංගලන්ත සංචාරයේ උප නායකත්වය පිරිනැමූ තිළිණ කණ්ඩම්බි ඉවත් කර ඇති අතර නම් කරන ලද සංචිතයේ උප නායකයෙකු ද නැත.ඇතැමි විට එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරග වල දී අවස්ථානු කූලව සංගක්කාර යළ ියොදා ගත් ආකාරයෙන් ක්‍රියා කිරීම තේරීම් කමිටුවේ අභිප්‍රාය වීමට පුළුවන.
නමුත් තේරීම් කමිටුව වැඩ භාරගත් දිනයේම දුලිප් මෙණ්ඩිස් මාධ්‍යයට ප්‍රකාශ කළේ සංගක්කාර යටතේ උප නායකයෙකුට අත්දැකීම් ලබන්නට ඉඩ නොතබමින් හිටපු නායක මහේල උප නායකයා ලෙස යෙදවීම නිසා අත්දැකීම් නැති පුද්ගලයෙකුට එකවර නායකත්වයේ වැඩ බලන්නට සිදු වූ බවය.එය නුවණක්කාර නොවන ක්‍රියාවක් ලෙස හැදින් වූ දුලිප් තමා සභාපතිත්වය දරණ තේරීම් කමිටුව හරහා ද ඊට සමාන ආකාරයේ ක්‍රියාවන් කරන්නේ ඔවා දෙනු පර හට තමා සම්මතේ පිහිටා සිට යන කවි පදය සිහියට නංවමින් ය.